සතුටු දවසක් …

ඔන්න අද මට සතුටු දවසක් …
අද මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටර් එකට ඇතුලත් වෙලා තිබ්බා …
කලින් පොඩි පොඩි සීන් වගයක් ගියා.. ඕවා ඔහොම තමයි නේ…
ඔන්න අද පාන්දරම රසායන විද්‍යාව පන්තිය පටන්ගන්න කලින් පන්තියේ Wi-Fi ජාලයට හොරෙන් සම්බන්ධ වෙලා (මේවා ඉතින් ළමයි දන්න, සර් නොදන්න ප්‍රසිද්ධ හොර වැඩනේ ) Gmail එකට පාත් උනේ කාලිංග නැමති පුද්ගලයෙක්ගේ වැදගත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් …. ;) හික්z! (සතුට වැඩිකමනේ… )
මම ගොඩාක් දවසක ඉඳන් ලියන්නේ නැතුව හිටියේ මේක සින්ඩිකේටර් එකට දාපු ගමන් ඔක්කොම දේවල් ටික ලියන්න ඕනේ නිසා…..
එතකොට වැඩි දෙනෙක්ට මගේ අදහස් ප්‍රක්ෂේපණය කරන්න පුලුවන් නේ .. :p
මේකට වගකිවයුත්තන්ට මාගේ ප්‍රණාමය !!

මගේ පන්තියේ, ඉස්කෝලේ සහ බොහොම හිතවත් ගොඩාක්දෙනෙක් මගේ බ්ලොග් එක කියවන්නේ ආසාවෙන්  …
ඉතින් මමත් අලුතෙන් හොයාගත්ත දේවල්, තාක්ෂණික, විද්‍යාත්මක, පිස්සු වැඩ (චාටර් වැඩ නෙමෙයි) කියන මේවා කතු කරලා මේ බ්ලොග් කට්ට ඉදිරියට ගෙනියන්න තමා බලාපොරොත්තුව…
අනිත් එක සිංහල බ්ලොග් කරුවා කියන්නේ අන්තර්ජාලයේ අපේ අනන්‍යතාවය නේ …

ඔන්න දැන් මගේ බ්ලොග් එක ඔය හැමෝටමත් කියවන්න පුලුවන්…
ඉතින් මගේ අලුත් තාක්ෂණික වැඩ, ජීවිතයේ රසබර තැන් සහ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් මම දැන් ඉඳන් මේකේ පලකරන්න හිතන් ඉන්නවා…

මට මේ පුංචි දේට උනත් උපකාර කරපු අය ඉන්නවා…
ටිකක් නෙමෙයි ගොඩාක් ….
මුදලින් නෙමෙයි වචනයෙන් ….

‘බ්ලොග් කරුවාගේ ධනය පාඨකයාගේ කමෙන්ටුවයි’

කියලා කතාවක් තියනවනේ….
(මෙය මා විසින් මෙම ලිපිය සඳහා විශේෂයෙන් නිර්මණය කල පිරුළකි ;) )
ඒගොල්ලො නම් වශයෙන් සඳහන් කලොත් හැලිච්ච කෙනෙක් උනොත් මම සුං නිසා ඇඟ බේරගන්නත් ඕන නිසා මම ඒවා කියන්න යන්නේ නෑ…

අනිත් එක, කවුරු උනත් කමක් නෑ.. ආවනම් නිකං යන්න බෑ … ;)

මේ බ්ලොග් එක ගැන හිතට එන අදහස්, වැඩි දියුණු කරන්න ඕනේ දෙවල්, අවට පරිසරය ( ඉඳගෙන ඉන්න තැන අවට පරිසරය නෙමෙයි මේ බ්ලොග් එකේ තීම් එක මගේ වචන භාවිතය වගේ දෙවල්) ගැන ලියලා යන්න … හැබැයි මම නම් ඔය ගොඩාක් දෙනෙක් වගේ ලියන බාසාවෙන් නම් ලියන්නේ නෑ ඕං !! හික්z! එතකොට කියවන්නේ මහාචාර්ය බ්ලොග් කරුවෝ විතරයි නේ… එතකොට මට බිස්නස් පාඩුයි … ලොල්..
විහිලුවක් කොලේ, ගණන් ගන්න එපෝ !!

මේ බ්ලොග් එකේ Subscriber කෙනෙක් වෙන්න ඔයගොල්ලො කැමති නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න e-mail ලිපිනය එක්ක…
මම පුලුවන් ඉක්මනින් ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නම්…

එහෙනම්, අලුත් ලිපියකින් ඉක්මනටම අපි හමුවෙමු…

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

මටත් වෙන දේවල්.

මේ ටිකේම බ්ලොග් එක ලිව්වේ නැහැ …
ප්‍රධානම හේතුව තමයි නිමක් නැතිව මොළය තුළ හදිසියේ සිදු වූ අවකලනයවීම් සහ අනුකලනයවීම් ….
හැමතැනම සයින් කොස් එකී මෙකී නොකී වක්‍ර හැම එකක්ම මොළය හැමතැනම දඩාවතේ යෑම …
(සඳුදා සවස 3.00 සිට අඟහරුවාදා රාත්‍රී 7.30 වෙනතුරු සංයුක්ත ගණිතය සයුරේ ගිලී නාන්නට එන්න ප්‍රියේ // :p)

අනිත් හේතුව තමයි මම ලියන්න ඉන්න ලිපි හැම එකක්ම හැමෝටම ඉතා වැදගත් කියල හිතෙන නිසා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට දානකම් ඒවා හිතට පමණක් සීමා කිරීමට සිදුවීම ..
මේකයි ඇත්තට උනේ …
දැන් මම දෙතුන් සැරයක් සින්ඩිකේටරයට දාන්න කියල අයදුම් කරා…
එක පාරක් වත් දාල තිබ්බේ නෑ…
මම බැලුවා මේ කස්ටියට වැඩ රාජකාරී අධිකද කියලා…
ඒත් මෙන්න බොලේ මම මේල් එකට ලොග් වෙලා බැලින්නම් මට ලිපියක් ඇවිල්ල සංසදයෙන් මගේ RSS Feed ලිපිනය වැඩ කරන්නේ නෑ කියල ….
මට දෙලොව රත් උනා …
මම බැලුව RSS ලිපිනය වැරදිද කියලා….
නමුත් ඒක හරි ලිපිනය නිසා මම මම පාවිච්චි කරන බ්ලොග් සේවාවේ පරිපාලනය අමතලා ටිකට් එකක් අරන් මගේ ගැටලුව ඉදිරිපත් කලා ..
දැන් මට ඒගොල්ලො කියනවා මෙහෙම දෙයක් …

Hello.

The technical team is working hard on this problem, and trying to fix it for good as fast as possible.
We’re truly sorry for the inconvenience and thank you for your patience on this matter.
Kind regards,
Blog.com Support

දැන් ඉතින් මට රත් උනා ….
මොනවා කරන්නද ?

ඉතින් මම කල්පනා කලා ලියන්න තියන ඒවා ඔක්කොම බ්ලොග් එකේ ලියලා RSS පෝෂකයේ ලිපිනට ක්‍රියාත්මක උනදාට සින්ඩියේ පල වෙන්න දාන්න පෝස්ට් ටික ලියල සින්ඩියට දාපු ගමන් පෝස්ට් ටික පබ්ලිෂ් කරන්න ….
නැතුව ඉතින් වෙන විකල්පයක් නෑනේ …
එහෙනම් මම ගියා ආයුබෝං !

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

Protected: හමුදාවේ මාමා !!

24 April 2010  Bhagya රාජපක්ෂ, Enter your password to view comments.

This post is password protected. To view it please enter your password below:


Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

ලෝක පෘතුවි දිනය අදයි …

22 April 2010  Bhagya රාජපක්ෂ, Comments Off

” ලෝක පෘතුවි දිනය : World Earth Day “

ඔන්න අද පෝස්ට් එකක් ලියල දාන්න හිතුනා… මොකද අද තමයි ලෝක පෘතුවි දිනය …
එක අතකට ඒක අපි වගේ (e-lives) ඊ-ජීවිත ගෙවන අයට මේක ගොඩාක් විශේෂයි …
මොකද හැමදාම කරනවා වගේ PC එකක් ඉස්සරහට වෙලා ඉන්නවට වැඩිය පරිසරය පිලිබඳව මොනව හරි දෙයක් ගැන හිත යොමු කරන්න පොඩ්ඩක් හරි උනන්දු වෙන්න අද වගේ දවසක් තියෙන්න එපැයි …
අනිත් එක තව දෙයක් කියන්න ඕනේ..
ඊයේ රෑ මාර විදිහට අකුණු ගැහුවා .. හිතාගන්නවත් බැරි විදිහට .. පෘතුවියටත් ගිය කලක් ..
මගේ කාමරේට දාල තියෙන්නේ ලොකූ වීදුරු ජනෙල් දෙකක් තනිකර වීදුරු වටේට ඇලුමීනියම් ෆ්‍රේම් එකක් තියෙන්නේ …
ඒක නිසා අකුණු ගහනවා මාර විදිහට පෙනුනේ …මම නම් මාර විදිහට බය උනා …
තමන්ගේ පෘතුවි දිනය දිනය අමතක වෙන මිනිස්සුන්ට නම් මේව හොඳ පාඩම් …
ඒක නිස තමයි මට මේක මතක් උනේ කියල මට හිතෙන්නේ..
ඔන්න මම නම් අද නැගිට්ට ගමන් මගේ යලුවො ටිකට SMS ටිකක් යැව්ව “World Earth Day” කියල..
ගොඩාක් දෙනෙක් දන්නෙවත් නෑ අද World Earth Day කියල..
මොනවා කරන්නද …එ තරම්ම ලෝකය දියුණුයි නේ…
වටේ තියන දේවල්, අඩුම ගානේ වෙන්නෙ මොනවද කියලවත් මිනිස්සු දන්නේ නැති යුගයක අපි ඉන්නේ … ලොල්
ඔන්න එහෙනම් මේ පොඩි සටහන නිමා කරන්නයි සූදානම …
එහෙනම් ඔබ සැමට සුභ පෘතුවි දිනයක් වේවා …

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

Robin Hood කතා මාලාවේ අවසානය

robin-hood-bbc

ඔන්න මෙච්චර කල් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් එකට එකතු කරපු තවත් විශිෂ්ට පවුලේ කතා මාලාවක අවසානය අද සටහන් වෙනවා…
ඉතින් මේ විදිහට පොඩි පසු වදනක් ලියල තියන්න හිතුනා … ඒකෙන්වත් දුක පොඩ්ඩක් හරි තුනී වෙයි !  :(

පෞද්ගලිකවම මම Robin Hood BBC කතා මාලාවට ගොඩාක් ඇළුම් කලා…
මම මේ විදිහට facebook group එකක් කරල හැම සතියෙම membersලට ඊලඟ කතාවෙ කෙටි විස්තරයක් කලෙත් මම වගේම මේ කතා මාලව ආස කරන තවත් ගොඩාක් දෙනෙක් ඉන්න නිසයි …නැතුව ගොඩාක් දෙනෙක් කරනව වගේ මෙම්බෙර්ස්ල  5000ක් විතර හොයල ප්‍රචාරක කටයුතු කරගන්න නෙමෙයි …
එහෙම කරන්න ඕන කමක් තිබ්බනම් අද මේ group එකේ membersල 5000ක් නෙමෙයි 10000ත් පැනල …

තව දෙයක් කියන්න ඕනෙ…
ගොඩාක් දෙනෙක් මගෙන් අහනව Robin Hood Season 4 එනවද නැද්ද කියල …ඇත්තම කියනවනම් මට Jonas Armstrong එහෙමත් නැත්නම් රොබින් ගෙ පෞද්ගලික මිතුරෙක්ගෙ ලමයෙක් මට මෙහෙම කිව්වා … මේ කතාව Season 3 වලින් නවත්තන්න ඕනෙ කියල තියෙන්නෙත් Season 4 එකට රඟපාන්න ට යෝජනා කරල තියන මුදල මදි කම නිසා… ඒක නිසා තමයි  Season 3 එකේදි  Robinට අර වගේ ඉරණමක් අත් වෙන්නෙ… මොකද  Season 4 එකක් එන්නෙ නැතිනම් කතාවෙ Robin මැරිල …
Season 4 එනවනම්  Season 1 එකේ මැරියන්ට සිහිය නැති වෙලා පන ආව වගේ කරන්න පුලුවන් …

මේ කතාවෙ සත්‍යතාවය ගැන නම් මට වග කියන්න බැහැ ..
නමුත් මම ඒක ඇත්තක් කියල විශ්වාස කරනවා …
ඒක නිස මේක ඔයගොල්ලොන්ටත් කියන්න ඕනෙ කියල හිතුනා ..

ඇත්තම කියනවනම් ඒ කතාවෙ තිබුණු පරිසරයේ ..
සුන්දර නොටින්හැම් නගරයේ දවසක් හරි ඉන්න තිබුනනම් කියල හිතෙනවා …
ෂර්වුඩ් වන්නන්තරය .. වන කඳවුර .. ලොක්ස්ලි ගම්මානය …
මේ ඔක්කොම සොඳුරු මතකයන් …
ඒ තරම් මම කතාව ඇතුලෙ හිටියෙ…

අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි, ගොඩාක් දෙනෙක් මම සතිපතා එවන කතාවෙ සාරාංශය කියවන්න බලාගෙන හිටියා .. මට දවසක් දෙකක් ලියන්න බැරි උනාම ඇයි ලියන්න බැරි උනේ කියල මතක් කරල ලියල එවල තිබුනා …
මට මේ ගමනෙදි ගොඩාක් උදව් කරපු අය ඉන්නවා වචනයකින් හරි උදව් කරපු අය ඉන්නවා උදව් නොකරපු අයත් ඉන්නවා… මම ඔයගොල්ලො හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මෙච්චර කල් හිටියට ..
ඇත්තටම මේක මගේ ජීවිතයේ තවත් සොඳුරු කඩඉමක් …

නැවත වතාවක් මම ඔය හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා …
ඔයගොල්ලන්ට හිතට එන මොනව හරි කමක්නෑ ඒවා මෙතන ලියලා යන්න … එවා මට යෝධ ශක්තියක් …

” WE ARE ROBINHOOD ! “

ලිපිය යාවත්කාලීන කලා.
ප.ලි : තව අලුත් විස්තර ගොඩාක් තියනවා ඔයගොල්ලොන්ට කියන්න …
ඒවා පස්සේ අලුත් පෝස්ට් එකක් විදිහට දාන්නම් …

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

අවුරුද්දත් ඇවිල්ලා..

New Year

ඔන්න හෙට අලුත් අවුරුදු …
වාසනාවකටද කොහෙද අපෙ ගේ පැත්තටත් කොහෙක් ආවා ..
කොහාගෙ හඬ  අහන්න ලැබුන එකත් වාසනාවක් !!
කොහෙද ඉතින් අද වගෙ කාලෙක කොහෙක් පැත්ත පලාතක හොයාගන්න නෑනෙ…
ඒ විතරක් නෙමෙයි සිවුරු හොරෙකුයි කහ කුරුල්ලෙකුයි දකින්නත් ලබුනා ..
අඹ ගස් තුන වැහෙන්නම අඹ හැදිලා … එක ගහක් තියනවා අනිත් ඒවට වැඩිය අඹ රසයි..
ඒ ගහ ගැන මම නම් නිතරම සෝදිසියෙන් …
අනිත් එක අද උදෙත් මට ක්ලාස්Zz … මැත මැත මැත … ඒත් වෙලාවට සර් කලින් ක්ලාස් ඉවර කරා ..
සොඳුරු අවුරුද්දත් අපෙන් ඈත් වීමේ අඳුරු පෙරනිමිති ….

අනික තව දෙයක් කියන්න ඕනේ …

මේක තමයි දශක තුනක කාලයක් අපේ රට වෙළාගෙන සිටි කුරිරූ ත්‍රස්තවාදය සහමුලින්ම නැති කරල සිංහල දෙමළ අපි හැමෝම නිදහසින් සමරන පළවෙනි අලුත් අවුරුද්ද … ඒකට මම විවෘතවම අපේ ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා ..
කොණ්ඩ කැවුමක රස බලනකං මට ඉවසිල්ලක් නෑ …
ඉතින් අලුත් අවුරුද්ද ගැන ලියන්න නම් දේවල් බොහෝමයි … නමුත් කාලය හරස් වෙලා …
අවුරුද්දට කට්ට්යට උදව් කරන්න මමත් යනවා….

එහෙනම් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගල් මුල් නැති (යුද්ධෙ ඉවර උනාට ගල් මුල් බහුලයි ) කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය රජයන සෞභාග්‍යමත් එකක් වේවා කියල මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා …

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

සීයාගේ උපන් දිනය

7 April 2010  Bhagya රාජපක්ෂ, Comments Off

අද සීයාගේ උපන් දිනය නිසා සීයලගෙ ගෙදර සාදයක් තිබ්බා…
සීයට දැන් 76යි.. එත් තාම කොල්ලා …
මගෙ මදුරුවගෙන් මටත් වැඩිය වැඩ පෙන්නන්නෙ සීයා තමයි …
මැතිවරන වැඩ සීයට පෙන්නන්න බෑ.. සීයා ප්‍රබල ස්‍රි ලංකා නිදහස් පක්ෂ කිර්යාකාරී සාමාජිකයෙක් …
ඉතුරු විස්තර මම පස්සෙ කියන්නම් ….
දැන් නිදිමතයි …

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email

Home

6 April 2010  Bhagya රාජපක්ෂ, Comments Off

බ්ලොග් එකක් ලියන එක කොච්චර ෆන් වැඩක් උනත් කියවන එක්කෙනාට ෆන් එකේ කියවන්න නම් හොඳ සයිට් එකකින් පබ්ලිෂ් කරල තියෙන්න එපැයි… ඉතින් මේ වැඩේට හරියන බ්ලොග් සයිට්ස් කිහිපයක් හමු උනත් වැඩේට මේක හොඳයි කියල හිතුනා..

Share:
  • Facebook
  • RSS
  • Google Bookmarks
  • Live
  • Twitter
  • MySpace
  • email